ඇවිත් යන්න රත්තරං ..

මට ඔයව මතක් වෙන හැම මොහොතකම
මම ඔයාව බලන්න හැමදාම මෙතනට එනවා...
ඒ ඇයි දන්නවද මම මගේ පනටත් වඩා
ඔයාට ආදරේ කරපු නිසා ..... ඔයාට මාව
පෙනෙනවනම් මගෙ ඇස් වලින් වැටෙන
කදුලු දිහා බලලා මං ලගට තව එක සැරයක්
ඇවිත් යන්න රත්තරං ..
අපි හැමදාම එකට ඉමු කියලා ඔයා මාව දාලා
මගෙන් ගොඩක් දුර ගියා ... මම ඔයා ලගට ඇවිත්
ඉල්ලන්නේ හැම ආත්මයක ඔයා මගේ
වෙන්න කියලයි ....


ඔයා මාව දාලා ගිය දවසෙ ඉදන් මගෙ
ඇස් වලින් කොච්චර කදුළු වැට්ටුවද...
එත් ඔය ඇස් දැන් වෙන කෙනෙක්ට
අයිතිම වෙලා ගිහින්...
එත් කවදාවත් මේ හිතින් ඔයාට වෛර
කරන්න නම් බැ මට...
ඉස්සර ඔයාගෙන් ලැබුනු ආදරෙ මට
මහ මෙරක් වගෙ...
ඒ අතිතෙ මතක් කරන හැම වෙලාවකම
මේ ඇස් වලින් කොච්චර කදුළු වැටෙනවද...
එත් ඔයගෙ ලොකෙ ඔයා කත් එක්ක
හිටියත් සතුටින් ඉන්න ඔනේ...

Comments