නෙතු පියන් වැසෙනා තුරා

නෙතු පියන් වැසෙනා තුරා, එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා, මගේ සිහිනය බොඳ වෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා, මගේ සිත ඔබ ලඟ සදා..
කියා දන්නව නම් ඔයා, යලි සොයා එයි පියඹලා...

මවපු සිහින මතක්ද අඳුරේ මට තුරුල් වෙලා.
කියපු වදන් ඇසෙනව තාමත් රත්තරං ඔයා.

සසර පුරා පතමින් ආවත් ඔබ මගේ වෙලා..
ඔබේ ආදරේ කඳුලක් වී මා ලඟ නතර වෙලා...

හදින් හදට යාවී උන්නේ හුස්මටත් වඩා..
සුවඳ ඔබේ දැනෙනව තාමත් වෙලී මා වටා..
අලුත් සඳක එලියක් දුටුවත් ඔබ මුලා වෙලා..
අඳුරු අහසෙ සඳ ඔබයි මගේ මේ ජීවිතේ පුරා...

Comments

Popular Posts