අවරගිරෙන් හිරු සැඟවී යන්නේ

අවරගිරෙන් හිරු සැඟවී යන්නේ
වළා මැදින් සඳ එබී බලන්නේ
නිසල රැයකි මුළු ලොව සුව නින්දේ
නිදි දෙව්දුව නෑ අසලට එන්නේ ...

සදේ කිරණ ඇයි එලිය නොදෙන්නේ
සුළං රැල්ල ඇයි සිසිල නොදෙන්නේ
මලේ සුවඳ ඇයි මට නොදැනෙන්නේ
ඔබේ සුවඳ ඇයි මතකෙට එන්නේ.....
අදුර එලිය කර සඳ පායයි දෝ

පවන් රොදක සිසිලස දවටෙයිදෝ
සුවඳ ඉසින කුසුමන් පිබිදෙයිදෝ
සිත සනසන්නට ඔබ යලි එයිදෝ......
සිත සනසන්නට ඔබ යලි එයිදෝ....

Comments

Popular Posts