දේදුන්න සේදී වෑ නිල්ල උතුරා -- ලා දම් අහසින් වැස්සක් වැටුනා

මනමාලි වී ඈ හද ගින්න අවුලා -- පිටගම් යනවා බොදවී පෙනුනා

 

බාලේ ඉඳලා හද බැඳි ආදරේ -- ගෙල රන් තාල නොබැදී අවසන් උනේ

කාලේ ගෙවිලා මම ගම ආ දිනේ -- ඈ කර කාර බැදලා නොකියා ගියේ..

 

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා -- ලා දම් අහසින් වැස්සක් වැටුනා //

 

මාදං කැලෑවේ ළදු ඔවිටේදී -- බාලේ ඉදන් කී කවි ගීතිකා

පාවී ගියාවේ සුළගේ වෙලීලා -- ආලේ නමින් වූ හද ගී මකා

 

නොසිතූ සේ .. ආදර මල්පෙති විසිරෙයි -- සිත වැලපේ සුහදේ..

නොපැතූ සේ .. යායුතු වේ මේ ඉරණම් ගමනේ කදුලින් මෙසේ...

 

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා -- ලා දම් අහසින් වැස්සක් වැටුනා //

 

ලා නීල වැල්ලේ වැව් තාවුලේදී -- දිවුරා හදින් ඈ බහ දුන් නිසා

දෑ සින්ම මහොගී උතුරා ගැලූ ඒ -- දොරේ ගැලූදා බැදි ආදරේ

 

තනි වූ දා... මවු පිය සෙනහසටයි හිස නැමුනේ රහසේ...

නොපැතූ දා.. මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ.. තරු ඇස් වැස්සේ..

 

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා -- ලා දම් අහසින් වැස්සක් වැටුනා //










Comments