අමතක වුනාද වස්තු

අමතක වුනාද වස්තු හිනාවෙවී ආව පාර දිගේ අඩන්න ඕනි තැන වලදීත් මම හිනා වුනේ ඔයාට දුකක් දෙන්න බැරි නිසා කියලතවත් මේ පාර දිගේ හිනාවෙවී යන්න මට අමාරුයි, හිනාවෙච්ච ඇස් දෙකේම කදුළු පුරෝගන අද මම ආපහු හැරෙන්නයි හදන්නේහිනාවෙවී මෙච්චරකල් මම එකතු කල කදුළු අදින්පස්සේ එක දිගට ඇද හැලෙයි ඇස් දෙකට නිවනක් නොදීම තව ටික කාලයක්එකට යන්න අත් අල්ලගත්තත් මගේ අත ඔයාට නොගැලපෙන බව හැමදාම කියද්දීත් තවත් එකට එකම පාරේ යන්න අමාරුයි වස්තු මටඔයාගේ ඇස් දෙකේ හිනාව විතරක් ඉතුරුකරන්න ඕනි නිසා මගේ හිත රිදුනත්,,,,අකමැත්තෙන් වුනත් මම යන බව විතරක් මතක තියාගන්නඅදින් පස්සේ හිතන එපා කවදාවත් අපේ අතීතේ ගැනඔයාගෙයි මගෙයි අතීත මතක සේරම මම අරගන යනවාඅතීතේ වැරදුන තැන හදාගන අද නොවුනත් දවසක මමත් ජිවිතේ දිනනවාඅද අඩන ඒවාට හිලව්වටත් එක්කම එදාට මමත් හිනාවෙනවා වස්තුඇත්තමයි ඔයා ලග නැතත් දවසක මම ජිවිතේ දිනනවා.                                      

Comments