මගේ අවසන් කැමැත්ත....


   
    මා මියගිය දිනක එන්න
    මා බලන්න ඇවිත් යන්න,
    කිසි දිනයක නොහෙලු කදුළු
    එක බිදුවක් හෙළලා යන්න,
    දෑස තදින් පිය වුණාට,
    දෙකොපුල් සීතල වුණාට,
    පෙර පැවතුන දේ සිහිකර
    නළලෙ හාදුවක් තබන්න..
    නෙත් දහසක් බල හිදී
    මගෙ යහගුණ ගැනම දොඩයි
    මුවගට සිහිකර කිසිත් නොකිය
    පස් අහුරක් දාලා යන්න...
    සොහොනින් නුබ පිට වන විට
    මහා තනිකමක් මටත් දැනෙයි
    මිණී මලක් ලගින් තබා
    ආපසු නොබලාම යන්න,,
        ............
          ......

   

Comments