ඔබ දුටු ඒ මුල් දිනේ

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයේ රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ

කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ

කැටිකොට ගුවනට මුසුකොට මාගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්

Comments

Popular Posts