අවාසනාවට 
රෝස මලක් පරවේ
කඩා වැටෙන්නට
උනු කඳුලක් වැලපේ
දරාගන්න බැරි 
තරමට ආදරේයි.....
ඔයා රත්තරන් වරදක් කළා නොවේයි.......


ලියා හසුන්පත්
තැන තැන හංගාපු
ගලා බොඳවයයි
මේ ඇස් දෙකෙන් තෙමූ....
වළාකුළට රෑ සඳ නෑවිත් ඉඳපු
එකම දවස අද විතරද මගෙ දෙව්දු.....


පතා නොසිටියත්
සැප සම්පත් ඉසුරු
මහා යදම් බැඳ
සිතුවිලි සිරකරපු
මගේ නැගනියක් ලෙසින් සිතා මතු
අවසර දෙන්නම් අපි හිත හදාගමු....

Comments

Popular Posts