වලාකුළු යහනට ඇවිත් සඳ

වලාකුළු යහනට ඇවිත් සඳ
බලා ඉන්නේ මොකද ඉකිබිඳ
මගේ ළඟ ඔබ නොමැති බව අද
සඳුට කිව්වේ සිතද සුළඟද....

එකට ඇවිදින සසර මඟ දිග
අතර මඟ වෙන්වෙලා ගිය දින
මගේ හිත දුක් විඳිනු දැක දැක
අහස හැඬු දා ඔබට හැඬුනිද....

ඔබේ සෙනෙහස ගැනම ඉකිබිඳ
හිතට බර වැඩි සුසුම පොදි බැඳ
මගේ දුක් ගී සඳුට කිය කිය
සුලඟ හැඬු දා ඔබට හැඬුනිද....

Comments

Popular Posts